spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ සරසවියේ සිසුවෙක් දුම්රියට බිලි

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රිය ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි වියේ පසු වූ සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිසුවා ඊයේ (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිසුවා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර චුන්නාකම් දුම්රිය ස්ථානයේදී ඊයේ (17) උදෑසන දුම්රියට යටවීමෙන් 80 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා දුම්රිය නැවැත්වීමට පෙර ඉන් බැසීමට උත්සාහ කළ විට එම දුම්රියටම යටවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?