කොළඹ බකමූණන් හොයන්න මහ රෑ ගිය චාරිකාව

බකමූණාගේ ජාත්‍යන්තර සැමරුම් දිනය ඊයේ (05) දිනයට යෙදී තිබුණා.

මෙලෙස ශ්‍රී ලංකාවේ බකමූණන් සහ බස්සන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරනු ලැබුවේ පළමු වතාවට වීම විශේෂත්වයක්.

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය සංවිධාන කළ මෙම විශේෂ සැමරුම් වැඩසටහනට සමගාමීව රාත්‍රී වැඩමුළුවක් ද පැවැත් වුණා.

ඊයේ රාත්‍රී කාලයේ කොළඹ විශ්ව විද්‍යාල භුමියේ පැවති මෙම වැඩසටහනේ දී ප්‍රවීණ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුම බකමූණන් පිළිබඳ දේශන පැවැත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යන අංශය විසින් සත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම විශේෂ වැඩසටහන පවත්වනු ලැබුවා.

එහිදී සඳහන් කෙරුණේ ශ්‍රී ලංකාවේ බස්සන් සහ බකමුණන් වර්ග කිහිපයක් හඳුනාගෙන ඇති බවයි.

මෙම පක්ෂි විශේෂය පරිසර පද්ධතිය තුලදී විශේෂ කතාබහට ලක් නොවූවත් පරිසර පද්ධතියේ සමබරතාවය ආරක්ෂා කිරීමට ඔවුන්ගේ දායකත්වය ඉතා විශාල බවටයි සඳහන් කෙරුණේ.

පරිසර පද්ධතිය සමතුලිත කිරීම සඳහා රාත්‍රී කාලයේ හැසිරෙන වැදගත්ම විලෝපිකයෙක් ලෙසට බස්සන් හඳුනාගෙන තිබෙනවා.

කොළඹ නාගරික ප්‍රදේශවල ද රාත්‍රියේ විවිධ ශබ්ද නගමින් උස් වූ ශාක අතු පතර සැඟවී මීයන් වැනි සතුන් ගොදුරු කර ගන්නා බස්සන් වර්ග කිහිපයක්ම සිටින බවයි සත්ව ගවේශකයින් සොයාගෙන ඇත්තේ.

මධ්‍යම රාත්‍රියේ දී බස්සන් සහ බකමූණන්ගේ විවිධ නාද නිරීක්ෂණය කරමින් සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් කොළඹ නාගරික ප්‍රදේශයේ විවිධ ස්ථානවලට කණ්ඩායම් ලෙස ගොස් නිරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23