කොළඹ පුරපති කවුද ? තීරණය අද

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, නාගරික කොමසාරිස් පාලිත නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරය පෙරවරු 9.30ට ආරම්භ වන අතර, එහිදී කොළඹ මහ නගර සභාවේ මීළඟ පුරපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතයි.

කොළඹ මහ නගර සභාවේ පාලනය ලබාගැනීම සඳහා, ආසන 117න් අවම වශයෙන් ආසන 59ක් අවශ්‍ය වනවා.

කෙසේ වෙතත් නිමා වූ පළාත් පාලන මැතිවරණයේ දී කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට එහි බහුතරය ලබා ගැනීමට අවස්ථාව හිමි වුයේ නැහැ.

එහිදී ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් ආසන 48ක් ජයග්‍රහණය කළා.

සමගි ජන බලවේගය ආසන 29ක් දිනාගත් අතර, එක්සත් ජාතික පක්ෂය ආසන 13ක් හිමිකර ගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහ නගර සභාවේ ආසන 05ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 04ක් දිනාගත්තා.

ස්වාධීන කණ්ඩායම් 03 ආසන තුනක් දිනාගත් අතර, ස්වාධීන කණ්ඩායම් 04 සහ 05 ආසන දෙක බැගින් ජයග්‍රහණය කළා.

මේ අතර කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලි බල්තසාර් නම් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ සිය අපේක්ෂකයා ලෙස විරුද්ධ පක්ෂවල ද සහාය ඇතිව රීසා ෆාරුක් ඉදිරිපත් කරන බවයි සඳහන් කළේ.

කෙසේ වෙතත් කැබිනට් අමාත්‍ය ධුරයකටත් වඩා වැඩි බලයක් හිමිවන කොළඹ මහ නගර සභාවේ පුරපති තනතුර වෙනුවෙන් මේ වනවිට තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48