spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ කොටුව මගී ගුවන් පාලම අබලන්

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී ගුවන් පාලම කඩිනමින් නඩත්තු කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකළොත් විශාල ජීවිත අනතුරක් වැළැක්විය නොහැකි වනු ඇතැයි අවට වෙළඳුන් පවසනවා.

වසර 25 කට අධික කාලයක සිට කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කිරීමට අදාළ අංශ වල බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් මේ වන විට පාලම රඳා පවතින ප්‍රධාන කණු දිරාපත්ව ඇති අතර මේ පිය ගැට පෙළ ලිස්සන සුළු ගතියක් මෙන්ම ඇතැම් ස්ථානවල තහඩු දිරාපත්ව ඇතැයි ඔවුහු චෝදනා කරනවා.

දිනකට විදේශිකයන් මගි ජනතාව දස දහසක් පමණ දෙනා මෙම පාලම මතින් ගමන් කරන අතර, ජීවිකාව සරිකර ගැනීම සඳහා පාලම මත වෙළඳාමේ යෙදෙන වෙළෙඳුන් ද ඒ අතර වනවා.

අවට වෙළඳුන් පවසන්නේ වගකිවයුතු බලධාරීන් මගි පාලමට කුඩම්මාගේ සැලකිලි දක්වා පැලැස්තර දැමීමට කාලයක සිට පෙළඹී ඇති බවත්ය .

කොළඹ මධ්‍යම පිහිටා තිබෙන මෙම මගී පාලම අත්‍යාවශ්‍ය කටයුත්තක් සේ සලකා ඒ අයුරින් පිළිසකර කර අහිංසක මගී ජනයාගේ ජීවිත ආරක්ෂා කරන ලෙස ඔහුන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?