කොළඹ කළු වුණ හේතුව එළියට

අද (10) දිනයේදී වායු තත්ත්ව දර්ශක අගය කොළඹ 150ක් ලෙස ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

මෙවැනි අඳුරු කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන්නේ මේ හේතුවෙන් බව‍යි ඔහු සඳහන් කළේ.

මතුගම වායු තත්ත්ව දර්ශක අගය 163ක් ලෙසත්, ගාල්ල 117ක් ලෙසත්, අනුරාධපුර, පුත්තලම හා රට මධ්‍යයේ මෙම අගය 50ත් 100ත් අතර මධ්‍යස්ථ අගයක තිබෙන බව ද වාර්තා වනවා.

මෙම තත්ත්වය දින දෙකකින් පමණ පහව යනු ඇති බවයි හෙතෙම පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්