කොළඹින් පැටවූ අපිරිසිදු පොල්තෙල් තොගයක් පොළොන්නරුවේ බාන්න කලින් අල්ලයි (ඡායාරූප)

භාවිතයට නුසුදුසු පොල්තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී සැකරුවන් දෙදෙනෙක් ලොරි රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

හමුදා බුද්ධි තොරතුරකට අනුව කොළඹ සිට පොළොන්නරුවට ප්‍රවාහනය කරමින් තිබූ මෙම අපිරිසිදු පොල්තෙල් පැටවූ ලොරි රථය මින්නේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ලොරි රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී අපිරිසිදු පොල්තෙල් පිරවූ බැරල් 35ක් සහ නාඩු සහල් කුඩු තොගයක් ද හමුව ඇති බවයි වාර්තා වුණේ.

පසුව කළ විමර්ශනවල දී අදාළ අපිරිසිදු පොල්තෙල් සහ හාල් කුඩු රැගෙන ගිය පොළොන්නරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවේ කළමණාකරු පවසා ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඔයිල් වර්ග සකස් කිරීමට මෙම සහල් කුඩු රැගෙන ආ බවයි.

එමෙන්ම මෙම අපිරිසිදු පොල්තෙල් පිරිසිදු කර සත්ව ආහාර නිෂ්පානය සඳහා නිකුත් කරන බව ද ඔහු පවසා තිබෙනවා.

පොළොන්නරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ස්ථානයට කැඳවා එහි සාම්පල් ලබාගෙන රජයේ රස පරීක්ෂකට යැවීමට කටයුතු කර ඇති අතර, කර්මාන්තශාලාවේ කළමණාකරු ද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් කළමණාකරු ඇතුළු තිදෙනා අද (10) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2025 03 10 at 11.53.46 AM 1
WhatsApp Image 2025 03 10 at 11.53.46 AM
WhatsApp Image 2025 03 10 at 11.53.45 AM 1
WhatsApp Image 2025 03 10 at 11.53.45 AM
WhatsApp Image 2025 03 10 at 11.53.44 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30