spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹට අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 5.00 සිට හෙට උදෑසන 9.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?