කොරෝනා ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී.
මීට පෙර රාජ්‍ය සේවකයින් කොරෝනා ආසාදනයවී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේදී අග්‍රහාර වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කෙරුණා.
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර සිටියා.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් සම්බන්ධයෙන් සොයා බලන බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාල වකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැනුවත් කර ඇති බව ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.