spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලුපිටියේ බස් අනතුරින් මියගිය එක් අයෙකු වෙනුවෙන් ලක්ෂ 05ක මූල්‍යාධාරයක් (වීඩියෝ)

කොල්ලුපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේ දී අද (06) උදෑසන ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීම ගැටළුවක් වී ඇති බව ජාතික ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

ඒ, අනුව මියගිය පුද්ගලයින් පස්දෙනාගෙන් තිදෙනෙකුගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීම මෙලෙස ගැටළුවක් වී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර මිය ගිය අය වෙනුවෙන් එක අයෙකුට රුපියල් ලක්ෂ පහක මූල්‍යාධාරයක් රජය විසින් ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
11
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?