කොරෝනා මළ සිරුරක් පානදුර මල් ශාලාවක එම්බාම් කරලා.

කොරෝනා මළ සිරුරක් වැරැදීමකින්‌ මුදාහැර මල්ශාලාවක එම්බාම් කරන අතරතුර නැවත පානදුර රෝහලට ගෙනවිත් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙසේ නැවත රෝහල වෙත රැගෙනවිත්‌ ඇත්තේ පානදුර, වත්තල්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි
පුද්ගලයකුගේ මළ සිරුරක්‌ බව ද රෝහල්‌ ආරංචි මාර්ග පවසයි.

ඉකුත්‌ 12 වැනිදා මියගිය පුද්ගලයාගේ මළ සිරුර රාත්‍රි පානදු මූලික රෝහලේ දී පී.සී.ආර්‌. පරීක්ෂණයකට යොමු
කර ඇති අතර ඔහුගේ පවුලේ අයට කොරෝනා චයිරසය වැළඳී නොමැති බවට සහ නිරෝධායනයට ලක්ව නොමැති බවට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්‌ ලබාදුන්‌ නිර්දේශයකට අනුව පී.සී.ආර්‌. චාර්තාව ලැබීමට ප්‍රථමයෙන්‌ පෙරේදා (13) පස්වරුවේ දේහය ඥාතීන්ට මුදාහැර ඒ අනුව මෘත දේහය පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ මල්ශාලාවකට රැගෙන ගොස්‌ එම්බාම්‌ කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

එම අතරවාරයේදී ලැබී ඇති පී.සී.ආර්‌. වාර්තාවට අනුව මියගොස්‌ ඇති පුද්ගලයාට කොචිඩ්‌ 19 චයිරසය වැළඳී ඇති ඛව තහවුරු වී ඇති අතර කලබල වූ රෝහල්‌ කාර්ය මණ්ඩලය වහා ඔල්ශාලාව වෙත ගොස්‌ නැවත මෘත දේහය පානදුර මූලික රෝහල චෙත රැගෙනවිත්‌ ඇතැයි පැවැසේ. ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විසින්‌ මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන්‌ දින 14ක්‌ නිරෝධායනයට ලක්කර තිබේ.

මේ පිළිබඳව විමසීමේදී රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අධිකාරි චෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද ඔහත්මිය මෙසේ
පැවැසුවාය. “එවැනි තත්ත්වයක්‌ තියෙනවා නම්‌ මට අනිවාර්යයෙන්ම දැනුම්‌ දෙනවා. මට තවම එවැනි සිදුවීමක්‌ වාර්තා වෙලා නැහැ. ඒ නිසං මේ සම්බන්ධයෙන්‌ මට කිසිවක්‌ ප්‍රකාශ කරන්න පුළුවන්කමක්‌ නැහැ.”

කෙසේ නමුත් අදාල පුද්ගලයාගේ දේහය අවසන්‌ කටයුතු නිරෝදාන නිති අනුව කිරිමට කටයුතු කරමින්‌ සිටින බව සඳහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38