කොරියානු යුද්ධය අවසන් කිරීමට දකුණේ ජනපතිගෙන් උතුරට යෝජනවක්

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දිගු කලක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුං යෝජනා කර තිබෙනවා.

විදේ අම්ධ්‍ය වාර්තා කරන්නේ, ජපාන යටත් විජිත පාලනයෙන් කොරියාව නිදහස් වීම සැමරීම සඳහා පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපති ලී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

උතුරු කොරියාව විසින් මෑතකදී තමන්ව ‘ආපසු හැරවිය නොහැකි’ න්‍යෂ්ටික රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් රුසියාව සමඟ සිය මිලිටරි සබඳතා ද පුළුල්කර ගනිමින් සිටින අවස්ථාවක දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන්හි විශේෂ අවධානයක් හිමිව තිබෙනවා.

1950 – 1953 අතර කාලයේ පැවති කොරියානු යුද්ධය සටන් විරාමයකින් අවසන් වූ අතර ඒ සම්බන්ධයෙන් සාම ගිවිසුමකින් ඇති කර ගැනීමට රටවල් දෙකට හැකියාවක් ලැබුණේ නැහැ..

“අන්‍යෝන්‍ය වශයෙන් තර්ජනය කර ගැනීමේ අදහස අත්හැර දමා, යුද්ධයට සෘජුව සම්බන්ධ පාර්ශ්වයන් ලෙස මෙම දීර්ඝකාලීන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කරමු,” යැයි දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුං යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30