spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොත්මලාඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

ඉහල කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලාඔයේ තිබි හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (12) දින හමු වු බව ලිදුල පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසින් විසින් කොත්මලාඔයේ නාදුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.

අවුරුදු 45ක් පමණ වයසැති මියගොස් සිටි කාන්තාව රතු පාට හැට්ටයක් සහ කළු පාට සායක් ඇද සිටි බවත්, කොත්මලාඔයේ අගරකන්ද ප්‍රදේශයේ තිබී මෙම සිරුර සොයා ගත් බවත් පොලිසිය පවසනවා.

සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?