spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොටුව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය තවත් කූඨ ලේඛන හදලා

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට කූඨ ලේඛන සකස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව සැකකරුවෙකුට පැනවූ විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට කූඨ ලේඛන සකසා ආගමන විගමන පාලකවරයාට යැවීමේ චෝදනාවටයි එම අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නේ.

ඇය එම නඩුවට අමතරව තවත් නඩු දෙකකට ද කූඨ ලේඛන සකසා ඇති බව සඳහන් කළ පොලිසිය ඊට තවත් අයෙකුගේ උදව් ලැබී ඇති බව ද අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

අධිකරණ නිවාඩු දිනවල මෙම කූඨ ලේඛන ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත ෆැක්ස් මගින් යවා ඇති බවයි හෙළිවී ඇත්තේ.

මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නොසිටින බැවින් නීතිඥ සහායක් ගෙන ලිපි සකස් කළ යුතු බව පවසා ඇය මුදල් ඉල්ලා ඇති බව ද පොලිසිය පැවසුවා.

මීට උදව් කර ඇති අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.

සැකකාරිය සහ සැකකරුගේ ජංගම දුරකතනවල ඡායාරූප සහ කෙටි පණිවුඩ මකාදමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීමට කළ ඉල්ලීමට ද අධිකරණයෙන් අවසරය හිමිවුණා.

අදා‍ළ සැකකාරිය සහ නඩුගොනු අස්ථානගත කළ බව කියන සැකකරු ඇතුලු දෙදෙනා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?