කොට්ටාව මාලපල්ල මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නිරීක්ෂණයට

දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතය ආශ්‍රිත අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා ඉදි කෙරෙන කොට්ටාව මාලපල්ල මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය යටතේ මහරගම සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම සඳහා ඉදි කෙරෙන නිවාස ඒකක 120 කින් මෙම මහල් නිවාස සංකීර්ණය සමන්විත වනවා.

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ සිදුකෙරෙන මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම් 2021 ජුනි මස 21 වන දින ආරම්භ කර ඇති අතර ඒ සඳහා බදු රහිත පිරිවැය ලෙස රු.1,317,013,808.98ක්‌ ඇස්තමෙන්තු ගත කර තිබෙනවා.

මේ වන විට එහි සමස්ත ඉදිකිරීම් වලින් 45% ක ප්‍රමාණයක ඉදිකිරීම් අවසන් වී ඇති අතර ඉදි කෙරෙමින් පවතින මහල් නිවාස සංකීර්ණය,ඒ ආශ්‍රිත දුම්රිය මාර්ගය හා ඒ ආශ්‍රිතව සිදු කිරීමට යෝජිත නවීකරණ කටයුතුද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්. ඒ. ඩී. එස්.ගුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්.බණ්ඩාර මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි මල්ලිකාරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්වි සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07