spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොට්ටාවේ වෙඩි තැබීම වැරදි ඉලක්කයක්

කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදු වූ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ මත්තෙගොඩ නාමල් උයන ප්‍රදේශයේ පදිංචිව සිටි රසායනාගාර සේවකයෙකු වූ 33 හැවිරිදි අයෙක්.

පසුගිය මැයි 15 වනදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස එම ඝාතනය කළ පුද්ගලයාගේ සහෝදරයකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

රසායනාගාරයේ දී වෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද සමාන හැඩරුවෙන් යුක්ත වූවන් බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
0
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?