කොට්ටාවේ නිවසක ගින්නක් – තරුණියක් ජීවිතක්ෂයට

කොට්ටාව, රුක්මලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි තරුණියක් බවයි කොට්ටාව පොලිසිය සඳහන් කළේ.

අද (13) අලුයම් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැකපළ කරන අතර, ගින්න හටගත් අවස්ථාවේ තරුණිය පමණක් නිවස තුළ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණිය ඇතුළු පවුලේ සාමාජිකයින් අදාළ නිවසේ කුලී පදනම මත පදිංචිව සිට ඇති, පවුලේ අනෙකුත් සාමාජිකයින් ඊයේ (12) රාත්‍රියේ වෙසක් බැලීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?