Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කෙරවලපිටියේ සුපිරි වෙළඳසැල් රථගාලක වැටලීමකින් අයිස් කිලෝවක් සමඟ අයෙක් මාට්ටු

වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැල් රථගාලක් තුළදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් සහ ග්‍රෑම් 31ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණා..

කෙරවලපිටියේ සුපිරි වෙළඳසැල් රථගාලකදී ඊයේ (12) පස්වරු 2.15ට පමණ සිදුකළ මෙම හදිසි පරීක්ෂාවේදී ත්‍රිරෝද රථය තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නව ජනපදය, අවරකොටුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සහ අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙන්ම ත්‍රිරෝද රථය වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර ගැනීම සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්