“කෘෂිකර්ම ඇමති ලෙස මම කරන්නේ ස්වේච්ඡා සේවයක්”

කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමා සිදුකරන්නේ ස්වේච්ඡා සේවයක් බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබඳව තෙදින පුහුණුව ලත් ප්‍රථම ස්වේච්ඡා කණ්ඩායම සඳහා සහතික පත් ප්‍රදානයට එකතු වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ මෙම සහතික ප්‍රධානය සිදුකෙරුණා.

“මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කරන්නේ ස්වේච්ඡා සේවයක්. වාහන දෙකක් තියෙනවා. ඒකට ඉන්ධන ලැබෙනවා. ඊට වඩා දෙයක් මම ගන්නේ නෑ. මෙහෙම ස්වේච්ඡාවෙන් සේවය කරපුවාම විශාල ආත්ම තෘප්තියක් ලැබෙනවා. ඔබලාටත් ඒ ආත්ම තෘප්තිය ලබන්න පුළුවන්. අපි 2028 වසර වන විට මේ රට සහලෙන් ස්වයංපෝෂිත කරන්න තමයි ඉලක්ක කරගෙන ඉන්නේ. ඒ වගේම තවත් කෘෂි බෝග 13 කින් රට ස්වයංපෝෂිත කිරීමට අපි උත්සහ කරනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ සඳහා අවශ්‍ය සියලුම සම්පත් තියෙනවා. මානව සම්පත්, භෞතික සම්පත් සියල්ලම තිබුණත් අඩුපාඩුවක් තිබෙනවා. මේ තාක්ෂණය ගමට යාමේ අඩුවක් තිබෙනවා. ගොවියාට යාමේ අඩුවක් තිබෙනවා. ඒ දෙය කරන්න තමයි. ස්වේච්ඡා බලකායක් ගොඩනඟන්නේ. රටේ ආහාර සුරක්ෂිතතාවය තමයි ඉතා වැදගත්.ඒ ඉලක්කය අපි සපුරා ගන්න ඕනේ. යම්කිසි ආකාරයක සේවක පුරප්පාඩුවක් තියෙන බව අපි දන්නවා. පසුගිය අයවැයෙන් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයෝ 30.000 ක් බඳවාගන්න ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. නමුත් අපි දන්නවා මේ තාක්ෂණ අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 70.000 ක් පමණ තියෙනවා කියලා. ඔක්කොම
එකපාරටම කරන්න බෑ. අපි නමුත් ටිකෙන් ටික හරි ඉලක්කයට යමු. අපි වසර ගාණක් ස්වේච්ඡාවෙන් කැප වෙලා දැන් බලයට ඇවිල්ල ඉන්නවා. අපි දැන් රට හදන්න ඕනේ. ඒ සඳහා සෑම ක්ෂේත්‍රයක් සඳහාම මේ ආකාරයෙන් ස්වේච්ඡා බලකායන් ගොඩනැගීම සිදුකිරීම අත්‍යවශ්‍යයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38