AFC Banner
Empty Ad
Empty Ad

කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී තම 25වන එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඔහු එම ලකුණු 50 ලබා ගත්තේ පන්දු 47කට මුහුණ දෙමින්. ඊට හතරේ පහර 5ක් ද ඇතුලත්.

අවසන් මහා තරගයට අවස්ථාව ලබා ගැනීම වෙනුවෙන් ලකුණු 252ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 20යි පන්දු 5ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 132ක් ලබා සිටිනවා.

සධීර සමරවික්‍රම ලකුණු 29ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා. පැතුම් නිස්සංක ලකුණු 29යි. කුසල් පෙරේරා ලකුණු 17කට දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?