කුසල්-නිරෝෂන් සහ ධනුෂ්ක නැවත කණ්ඩායමට කැඳවන්න

දැනට තරග තහනමක් පනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා නැවත ජාතික කණ්ඩායමට කැඳවීම පිළිබඳව සලකා බලන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් අද ඉල්ලීමක් කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මගේ ප්‍රශ්නය ක්‍රිකට් තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන්. පහුගිය ලෝක කුසලාන තරගාවලිය දැක්කොත් අපේ ආරම්භක පිතිකරුවන්ට දස්කම් දක්වන්න බැරි වුණා. මේ සඳහා ක්‍රීඩා ඇමැතිවරයා එකඟ වනු ඇතැයි මට විශ්වාසයි. අපිට තරගයේ සාර්ථක ආරම්භයක් ලබාගන්න බැරි වුණා. අපේ ආරම්භක පිතිකරුවන් පළමු ඕවර දෙක තුළදී දැවී ගියහ.තහනම් වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ හොඳ දස්කම් දක්වති. 2022 දී තවත් ලෝක කුසලාන තරගාවලියකට මුහුණ දීමට සිදුවන නිසා මේ තහනම් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ගැන සලකා බලන්න පුළුවන් නම් හොඳයි”

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ විනය සම්බන්ධයෙන් වන කාරණාව මුලික කරගෙන මෙම තහනම පනවා ඇති බවයි.

“විනය ක්‍රියාමාර්ගය හරියට අනුගමනය නොකිරීම නිසා ඔබේම දේශපාලන පක්ෂයට සිදු වූ දේ ඔබට තේරෙනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමට එහෙම වෙන්න දෙන්න බෑ. අපි විනය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය විසින් කමිටුවක් පත් කර ඇති අතර එය මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තියෙනවා. දේශීය තරග තහනම අවසන් වූ පසු ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගි විය හැකිය. ඔවුන්ට වසරකින් පසුව ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් විය හැකියි” අමාත්‍ය නාමල් රාජපක්ෂ පැහැදිලි කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මේ වසර මුලදී එංගලන්ත සංචාරයේ යෙදී සිටියදී නිරෝධායන සීමාවන් උල්ලංඝනය කළ බවට අනාවරණය වීම හේතුවෙන් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක් පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
110
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07