කුලියාපිටියේ බුදුපිළිම කැඩූ ඉන්දීය ජාතිකයා හදිසියේ මිය යයි

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබෙනවා.

වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේ.

මෙලෙස මිය ගිය ඉන්දියානු ජාතිකයා 45 හැවිරිදි දිලීප් කුමාර් නැමැත්තෙක්. මෘත ශරීරය වාරියපොළ රෝහලේ තැන්පත් කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ද ලක් කිරීමට නියමිතව තිබෙනවා.