කුරුණෑගල – මහනුවර මාර්ගයේ අනතුරකින් තිදෙනෙකුට බරපතළයි (වීඩියෝ)

කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කළ බවයි කුරුණෑගල පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, වයස අවුරුදු 06 ක කුඩා දරුවෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ රියදුරුට නිද්ද යෑම හේතුවෙන් රථය, ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ තිදෙනාම අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ පිටුපස ගමන් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වාහන දෙක එකිනෙක ගැටීමත් සමඟ ලොරි රථයේ පිටුපස සිටි කුඩා දරුවා සහ තවත් අයෙක් ඉන් පිටතට විසි වී මාර්ගයට වැටී තිබෙනවා.

https://youtu.be/2lemKrHOhJI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?