කුරුණෑගල – මහනුවර මාර්ගයේ අනතුරකින් තිදෙනෙකුට බරපතළයි (වීඩියෝ)

කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කළ බවයි කුරුණෑගල පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර, වයස අවුරුදු 06 ක කුඩා දරුවෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ රියදුරුට නිද්ද යෑම හේතුවෙන් රථය, ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ තිදෙනාම අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ පිටුපස ගමන් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වාහන දෙක එකිනෙක ගැටීමත් සමඟ ලොරි රථයේ පිටුපස සිටි කුඩා දරුවා සහ තවත් අයෙක් ඉන් පිටතට විසි වී මාර්ගයට වැටී තිබෙනවා.

https://youtu.be/2lemKrHOhJI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01