කුඩු චමිල් මියයයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් ‘දෙවුන්දර කුඩු චමිල්’ මියගොස් ඇති බව වාර්තා වනවා.

ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (04) උදෑසන මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බුස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය කුඩු චමිල් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගියදා රෝහල් ගතකර තිබුණා.

2000 වසරේ නොවැම්බර් මස 14 දින හෝ ඊට ආසන්න දිනයක දී නඩු විභාගයකට සහභාගි වීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවෙක්ව මොහුට මරණ දඩුවම නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
30
+1
8
+1
159
+1
7
+1
11
+1
10
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?