කුඩා ලොරි රථයක් අඩි 50 ක ප්‍රපාතයකට පෙරලෙයි

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කල ලොරි රථයක් අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනෙකු මස්කෙලිය සහ දික්ඔය මුලික රෝහල වෙත (03) දින රාත්‍රියේ ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

(03) දින රාත්‍රි 9 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදිය.

අනතුරට පත් පිරිස හැටන් කාසල්රි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි ගමන් ගත් බස් රථය මස්කෙලිය ප්‍රදේශයේදි කාර්මික දෝෂයට ලක්විම නිසා බස් රථයේ ගමන් ගත් පිරිස මස්කෙලිය නගරයෙන් කුලි පදනම මත කුඩා ලොරි රථයක් රැගෙන මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත දක්වා ගමන් කරමින් සිටින අවස්තාවේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.
ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථය තුල 23 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර , තුවාලකරුවන් අතර කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සිටින බවද අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය පැවසිය.

තුවාල ලැබුවන් 04 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලෙත් , බරපතල තත්ත්වයේ සිටි 17 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා තිබේ.

කුඩා ලොරි රථයේ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කිරිම නිසා ලොරි රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වි ඇති බවත් , අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයේ රියදුරාද තුවාල ලබා ඇති බවයි මස්කෙලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17