හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණ ද සමඟ ඊයේ (31) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වේයන්ගොඩ පොලිස් වසමේ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී එමම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර,ස සැකකරු වයස අවුරුදු 26ක තරුණයෙක්.
අත්අඩංගුවට ගැනුණු සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
වේයන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1




