කිලෝ තුනකට වැඩි හෙරොයින් සමඟ අයෙක් වේයන්ගොඩ දී අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණ ද සමඟ ඊයේ (31) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වේයන්ගොඩ පොලිස් වසමේ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී එමම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර,ස සැකකරු වයස අවුරුදු 26ක තරුණයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

වේයන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17