spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිලිනොච්චියේ පුතෙක් ආනන්තරිය පාප කර්මයක් කර ගනියි

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පුත්‍රයා සිදුකළ පහරදීමකින් පියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ බීමතින් පැමිණි පුතා විසින් අද (19) අලුයම පියාට සිදු කළ පහරදීමකින් මෙම මරණය සිදු වී ඇති බවයි.

මියගොස් ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකාර පුත්‍රයා විසින් 60 හැවිරිදි මවට ද පහරදී තුවාල සිදුකොට ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.

සිද්ධියට අදාළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.

ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිට ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?