spot_imgspot_img
spot_img

කිං කෝලි සමඟ එක් වූ රාහුල් ඉන්දියාවට ජය කැඳවයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ 05 වන තරගය ලෙස අද (10) පැවති තරගයෙන් කඩුලු 06ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයගත්තේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 199ක් රැස් කළා.

එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 41ක් සහ ස්ටීව් ස්මිත් ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජඩේජා කඩුලු 03ක්, ජස්ප්‍රිත් බුම්රා සහ කුල්දීප් යාදෙව් අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ ක්‍රීඩකයින් තිදෙනෙක් ලකුණු නොලබා සිටියදී ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් කටයුතු කළා.

අනතුරුව පිටියේ ස්ථාවර වූ ලෝකේශ් රාහුල් සහ විරාට් කෝලි ශතක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දියාවේ ජය මාවත විවරකර දුන්නා.

විරාට් කෝලි ලකුණු 85ක් රැස්කළ අතර ලෝකේශ් රාහුල් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 97ක්.

අවසානයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක ඉලක්කය පන්දුවාර 41යි පන්දු 02කදී කඩුලු 04ක් පමණක් දැවී තිබිය දී පසුකර යමින් තරගය ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?