තරගකාරී මිලට ඉන්ධන විකුණන්න දුන්නා නම් මේ ප්‍රශ්නේ නෑ – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

ලංකා IOC, සයිනොපෙක් සහ ආර්.එම් පාර්ක් සමාගම් විසින් ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන නිකුත් කිරීම තදබල ලෙස සීමාකර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ අද (14) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, එම සමාගම් මෙරටට ඉන්ධන ආනයනය කරන මිල සහ අලෙවි කරන මිල අතර විශාල පරතරක් ඇති බවයි.

එලෙස ඉන්ධන අලෙවි කිරීම තුළින් විශාල පාඩුවක් විඳීමට සිදුව ඇති බවට එම පෞද්ගලික සමාගම් සමඟ සිදුකළ සාකච්ඡාවක දී ඔවුන් සඳහන් කළ බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

එලෙස සිදුවන පාඩුව අවමකර ගැනීමට අදාළ සමාගම් විසින් මෙලෙස වෙළඳපොළට ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් මහජනතාව මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන්ද විශාල පීඩාවකට ලක්ව ඇති බව සඳහන් කළ සභාපතිවරයා මේ වනවිට ඉන්ධන පිරවුම්හල් පවතවාගෙන යාමේ ගැටළුවක් ද මතුව ඇති බවයි සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ.

“ඒගොල්ලො පොරොන්දු වුණා ඒගොල්ලෝ අඛණ්ඩව තෙල් සපයනවා ඒගොල්ලොන්ගේ විදේශ විනිමය පාවිච්චිකරලා තෙල් සපයනවා කියලා කිව්වා. රජයෙන් කිව්වා රජයෙන් මිලක් නියම කරන්නේ නෑ තරගකාරී මිලකට තෙල් විකුණන්න දෙනවා කියලා. නමුත් වුනේ ඒ සමාගම් ආවට පස්සේ රජයේ මිලට ඒගොල්ලොන්ටත් තෙල් විකුණන්න වෙලා තියෙනවා. ඒගොල්ලො කියනවා පාඩු ලබලා ඒ මිලට තෙල් විකුණන්න අමාරුයි කියලා. ඒ තරගකාරී මිලට ඒගොල්ලොන්ට තෙල් විකුණන්න දුන්නා නම් මේ ප්‍රශ්නේ නිරාකරණය වෙයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18