කැෆේන්, තහනම් උත්තේජක ලැයිස්තුවෙන් ඉවතට

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ සභාපතීත්වයෙන් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ සහභාගීත්වයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නියෝග සළකා බලා අනුමතිය ලබාදීම සිදු වුණා.

මෙහිදී ක්‍රීඩාවට අදාළව ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (World Anti-Doping Agency / WADA) මගින් සෑම වසරකට වරක් ප්‍රසිද්ධියට පත් කරන ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ද මෙම ගැසට් පත්‍රය මගින් අදාළ නීතිමය යාවත්කාලීන කිරීම සිදුකරන බව මෙහිදී නිලධාරීන් පැවසුවා.

මෙහිදි ඇතැම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවට අලුතින් එක්වන බවත් ඇතැම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් වන බවත් නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

උදාහරණයක් ලෙස ‘කැෆේන්’ නම් ද්‍රව්‍ය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවත් නිලධාරීන් සඳහන් කළා.

මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ලබාගැනීමට ඇති හැකියාව, දිවයින පුරා යෞවන සමාජ පිහිටුවීමට ඇති ගැටලු, තරුණ සේවා නිලධාරීන්ගේ හිඟය, ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් ග්‍රාමීය මට්ටමින් දියුණු කිරීමේ අවශ්‍යතාවය ආදි කරුණු මෙම අවස්ථාවට සහභාගීවූ මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළා.

ඒ, අනුව ගතහැකි පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47