කැෆේන්, තහනම් උත්තේජක ලැයිස්තුවෙන් ඉවතට

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය

ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ සභාපතීත්වයෙන් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ සහභාගීත්වයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නියෝග සළකා බලා අනුමතිය ලබාදීම සිදු වුණා.

මෙහිදී ක්‍රීඩාවට අදාළව ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (World Anti-Doping Agency / WADA) මගින් සෑම වසරකට වරක් ප්‍රසිද්ධියට පත් කරන ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ද මෙම ගැසට් පත්‍රය මගින් අදාළ නීතිමය යාවත්කාලීන කිරීම සිදුකරන බව මෙහිදී නිලධාරීන් පැවසුවා.

මෙහිදි ඇතැම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවට අලුතින් එක්වන බවත් ඇතැම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් වන බවත් නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

උදාහරණයක් ලෙස ‘කැෆේන්’ නම් ද්‍රව්‍ය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවත් නිලධාරීන් සඳහන් කළා.

මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ලබාගැනීමට ඇති හැකියාව, දිවයින පුරා යෞවන සමාජ පිහිටුවීමට ඇති ගැටලු, තරුණ සේවා නිලධාරීන්ගේ හිඟය, ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් ග්‍රාමීය මට්ටමින් දියුණු කිරීමේ අවශ්‍යතාවය ආදි කරුණු මෙම අවස්ථාවට සහභාගීවූ මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළා.

ඒ, අනුව ගතහැකි පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19