කැලි කසළ වලටත් බද්දක් පනවයි

2022 වසරේ දී තම ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් කසළ බදු අය කිරිමට පියවර ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පවසයි.

2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමණාකරන පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බව සභාපතිවරයා පවසයි.

ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් විසින් ඝන අපද්‍රව්‍ය සහ කැලි කසළ ඉවත් කරනු ලැබුවද ඇතැම් ව්‍යාපාරිකයන් ඉතා සුක්ෂම ලෙස වෙළඳසැල් වල බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය සහ කැළි කසල පරිසරයට මුදා හරී.

එම නිසා 2022 වසරේ සිට තම බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් බැහැර කරන කැලි කසළ සදහා කිලෝවට රු 3 සිට 5 දක්වා මුදලක් අය කරනු ලබන බව ඔහු පවසයි.

සැම වෙලදසැලකින්ම තම ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් වෙත ලබාදෙන කැලි කසල කිරා ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතු බවත්, එම මුදල මාසිකව තම ප්‍රාදේශිය සභාව වෙත ගෙවිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49