පොලිසිය පැවසුවේ දරුවා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් ආරම්භ කළ මෙහෙයුමේදී
කිඹුලෙකුට ගොදුරු වූ දරුවාගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබේ.
දරුවා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් ආරම්භ කළ මෙහෙයුමේදී ඊයේ (17) පස්වරුවේ එම දරුවාගේ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ
දරුවා කිඹුලාට ගොදුරු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ගඟ පහළින් මෙම දරුවාගේ සිරුර සොයාගෙන තිබේ.අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකි.
සොයාගත් සිරුර කොළඹ අධිකරණ වෛද්යනිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුර අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
