කැනඩාවේ දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු අද

කැනඩාවේ ඔටාවාහී දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් හයදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (17) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය, ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමයේ දායක සභාව සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහයෙන් මෙම අවසන් කටයුතු සිදුකරන බවයි වාර්තා වුණේ.

කැනඩාවේ ඔටාවාහි බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී ශ්‍රී ලාංකිකයින් හයදෙනෙකු පසුගියදා ඝාතනයට ලක් වුණා.

කුඩා ළමුන් සිව්දෙනෙක්, ඔවුන්ගේ මව හා තවත් ශ්‍රී ලාංකිකයෙක් මෙලෙස ඝාතනයට ලක්වූවන් අතරට අයත්.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් සැකපිට 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගැනුණු අතර, දාළ තරුණයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

ඝාතනවලට නිශ්චිත හේතුව සැකකරු තව දුරටත් හෙළිදරව් නොකර ඇති අතර, නඩු විභාගය ලබන 28 වැනිදා යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28