අද සිට දිස්ත්‍රික්ක කිහිපයක සවසට ගිගුරුම් සහිත වැසි

අද (03) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අද දිනයේ දී බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

එමෙන්ම ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අතර, අද (03) දින දහවල් 12:09 ට මාදම්පේ, තෝරයාය, තොටගමුව, රත්තොට සහ කලවංචිකුඩි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39