Empty Ad
AFC Banner
Empty Ad

කැනඩාවට හොරෙන් පනින්න හැදූ ශ්‍රී ලාංකිකයා අල්ලයි

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද උදෑසන අත් අඩංගුවට ගනු ලැබුවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම සැකකරු 37 හැවිරිදි වියෙහි පසුවන මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙක් බවයි.

මොහු අද උදෑසන 08.15 ට ඩුබායි බලා පිටත් ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට ගොඩවීමටයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

ඔහු සිය නිෂ්කාශන කටයුතු සඳහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳ ව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන්, ඔහු ආගමන විගමන දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වල දී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවටයි තහවුරු ඇත්තේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු රුපියල් ලක්ෂ 30 ක් තැරැව්කරුවෙකුට ලබා දී මෙම වීසා බලපත්‍රය සකස් කරවා ගත් බවත්, ඔහු කැනඩාවට ගිය පසු තවත් රුපියල් ලක්ෂ 30 ක් ගෙවීමට එකඟ වී ඇති බවත් අනාවරණය හෙළි ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලිලාට - නිපුනලාට ඕනි විදයට නාඩගන් නටලා වැඩක් නෑ
Video thumbnail
සංඝණන කොල ප්‍රින්ට් කරන්න කෝටි ගානක් ගියේ නෑ - එක කොලේකට ගියේ සත 30යි
03:42
Video thumbnail
BREAKING NEWS 🔴ලංකාවේ විනාඩි 90කට සැරයක්ම - පොදු ප්‍රවාහනයේදී කාන්තාවක් අපහරණයට ලක්වෙනවා
04:55
Video thumbnail
වෛද්‍යවරියගේ සිදුවීමට අල්ලපු කොල්ලා රෙදිවලින් වහලා පොලිසියට ගෙනාපු හැටි මෙන්න
05:55
Video thumbnail
අසේල සම්පත් අදත් ෆයර් වෙයි
03:59
Video thumbnail
BREAKING NEWS 🔴ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
04:59
Video thumbnail
මාලිමාවෙන් තවත් සංඝනනයක් ගෙනෙයි - පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති හෙළි කරයි
14:28
Video thumbnail
77වසරක හොරු ත්‍රීරෝද රතයක් තියාගත්තා ලක්ෂ 7 - 8 - අද ඒක ලක්ෂ 20යි
08:27
Video thumbnail
15 මගේත් උපරිම සපෝට් එක දෙන්නම් #namalrajapaksha #1million #shorts
00:12
Video thumbnail
සබරගමු පළාතේ එකම පොලිස් කාන්තා ස්ථානාධිපතිනිය පිරිත් හඬ මැද්දේ වැඩ භාර ගනියි
03:11

?