කැනඩාවට හොරෙන් පනින්න හැදූ ශ්‍රී ලාංකිකයා අල්ලයි

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද උදෑසන අත් අඩංගුවට ගනු ලැබුවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම සැකකරු 37 හැවිරිදි වියෙහි පසුවන මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙක් බවයි.

මොහු අද උදෑසන 08.15 ට ඩුබායි බලා පිටත් ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට ගොඩවීමටයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

ඔහු සිය නිෂ්කාශන කටයුතු සඳහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳ ව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන්, ඔහු ආගමන විගමන දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වල දී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවටයි තහවුරු ඇත්තේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු රුපියල් ලක්ෂ 30 ක් තැරැව්කරුවෙකුට ලබා දී මෙම වීසා බලපත්‍රය සකස් කරවා ගත් බවත්, ඔහු කැනඩාවට ගිය පසු තවත් රුපියල් ලක්ෂ 30 ක් ගෙවීමට එකඟ වී ඇති බවත් අනාවරණය හෙළි ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22