spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසිය වාසිය දිනූ පාණ්ඩ්‍යා පළමුව පන්දුව තෝරාගනී

ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (24) රාත්‍රියේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙක අතරයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගැනීමට මුම්බායි ඉන්දියන් නව නායක හර්දික් පාණ්ඩ්‍යාට සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ අහමදාබාද් තණතීරුවේ පළමුව පන්දුවට පහරදීමටයි.

මේ අතර මුම්බායි ඉන්දියන් සංචිතයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද ඇතුළත්වන අතර ඔහු අද තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනා අතරට එක්කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?