spot_imgspot_img
spot_img

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට – මැක්ස්වෙල් අද තරගයට නැහැ

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පූනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පළමුව පන්දු යැවීමටයි.

අද තරගයේ දී බංග්ලාදේශය මෙහෙයවීමේ වගකීම නජ්මුල් හොසේන් සන්තෝට පැවරී තිබෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක ෂකිබ් අල් හසන්ට අබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට, ඇෆ්ගනිස්ථානය සමඟ පසුගිය තරගය ජයග්‍රහණය කරදුන් ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගයේ දී විවේක ගන්වා ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ද අද තරගය සඳහා එක්වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?