කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසරී වන කලාපය) හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.

දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් මඩකලපුව, අම්පාර හා හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද අපේක්ෂා කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
10
+1
3
+1
5
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?