නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එමෙන්ම සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් (40-50)ක පමණ තද සුළං ඇතිවිය කින් බවට ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.




