AFC Banner
AFC Banner
Empty Ad

කායවර්ධන ශූරියක් එතෙර දිනා දිවයිනට

තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගී වූ ‘I FBB Pro League’ තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ කාන්තා ෆිෂික්ස් ( Woman Physique ) අංශය යටතේ තරග කර, එම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනාගෙන රිදී පදක්කමක් හිමි කර ගත් තාරකා සඳරේණු පෙරේරා ක්‍රීඩිකාව දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ඊයේ (02) රාත්‍රීයේදී කටුනායක ගුවන් තොටුපොළ වෙත තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණියා.

මෙම තරගාවලිය නොවැම්බර් මස 30 වැනි දින ලෝකයේ වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400කගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණා.

කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම ශූරියට, මෙම ජයග්‍රහණයත් සමග අමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන “ඔලිම්පියා” ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද හිමි වී තිබෙනවා.

මෙම ක්‍රීඩිකාව ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී ජාතික ශූරිය බවට පත් වූ තැනැත්තිය ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
13:10
Video thumbnail
මාදිවෙල නිවාස එපා කිව්වා - දැන් ඉන්නේ භූතයෝ ද?
03:19
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයේ සැකකරුවන්ට නිදහස ලැබෙයි..?
01:18
Video thumbnail
ක්‍රිකට් දිවියට සමුදෙන දිමුත් සංවේදී වෙයි
05:28
Video thumbnail
එක මිටට ගන්න හාල් ටිකක් දුන්නොත් වටිනවා - තලතා ආණ්ඩුවට හානිසි වෙන්නම අමතයි
05:25

?