කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ විධිවිධාන යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා නිර්දේශ කිරීම පිණිස ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතරෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුව සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව එක් එක් අයදුම්කරුවන් විසින් සිය අයදුම්පත සකස් කළ යුතු අතර, තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු බවයි.

යථා පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් / නාමයෝජනා 2025 ජනවාරි 20 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බවත් නිවේදනයේ සඳහන්.

නාමයෝජනා එවනු ලබන්නේ නම්, නාමිකයා විසින්ම තොරතුරු පත්‍රය සම්පූර්ණ කරනු ලැබිය යුතු අතර එම තොරතුරු පත්‍රය නාමයෝජනා කරනු ලබන පාර්ශ්වය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17