කාන්තාවන් දුර ගමන් බස් රථවල යන්නේ බලාගෙනයි

අනුරාධපුර සිට කොළඹ බලා මීට දින 2කට පමණ පෙර ධාවනය වී තිබූ බස් රථයක ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් මත්කර ඔවුන් සතුව තිබූ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

බස් රථයේදී එම කාන්තාවන් සමඟ මිතුරු වී ඇති තරුණයෙකු ඔවුන්ට කෑමට කෙටි ආහාර වර්ගයක් ලබාදීමෙන් පසු කාන්තාවන් අධික නින්දට වැටී ඇති අතර එහිදී සැකකාර තරුණයා ඔවුන් සතුව තිබූ මුදල් සහ ස්වර්ණාභරණ සොරකම්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවන් දෙදෙනා සිහිසුන් වී ඇති බවට අනාවරණයවීමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරීමට පියවරගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කාන්තාවන් දෙදෙනා දැඩි ලෙස මත්වීම හේතුවෙන් දින දෙකක් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ද හටගෙන තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය පරීක්ෂණ සිදුකරන අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙවැනි අපරාධ සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් බස් රථවල ගමන් කිරීමේදී වඩාත් විමසිලිමත්වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40