කාන්තාවක් දූෂණය කර මරා දමා, දෙවසරක සිට හිතේ තිබූ පළියගත් 16 හැවිරිදි පිරිමි ළමයා අත්අඩංගුවට

16 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් 58 හැවිරිදි කාන්තාවක් දූෂණය කර ඇගේ කට කපා අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ හනුමාන පොලිස් බලප්‍රදේශයට අයත් කයිලාෂ්පුරි ගම්මානයේදී පසුගිය 30 වනදා මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පිරිමි ළමයා පොලිතින් බෑගයක් සහ රෙදි කැබැල්ලක් කාන්තාවගේ මුඛයට පුරවා ඇය පදිංචිව සිටි ගොඩනැගිල්ලේ ඉදිවෙමින් පවතින කොටසකට ඇදගෙන ගොස් දූෂණය කර පහර දී මෙලෙස ඝාතනය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මීට වසර දෙකකට පෙර මෙම පිරිමි ළමයා ජංගම දුරකථනයක් සොරකම් කළ බවට කාන්තාවගේ පවුලේ අය චෝදනා කර ඇති අතර, ඊට පළිගැනීමේ අරමුණ ඇතිව මෙම අපරාධය සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ.

කාන්තාවකගේ මළ සිරුරක් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක ඇති බවට පෙබරවාරි 01 වැනිදා ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සහ විමර්ශන කණ්ඩායම් එම ස්ථානය පැමිණ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කාන්තාව අමානුෂික ලෙස දූෂණයකර පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම අපරාධයට සම්බන්ධ පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

මීට වසර දෙකකට පෙර රූපවාහිනිය නැරඹීමට අදාළ කාන්තාවගේ නිවසට පැමිණෙන මෙම පිරිමි ළමයාට ජංගම දුරකථනයක් සොරාගත් බවට කාන්තාවගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන් පසුව එම පිරිමි ළමයා සහ පවුලේ අය අතර අමනාපයක් ඇති වූ බවයි පොලිසිය පැවසුවේ.

සොරකම සම්බන්ධයෙන් ලද චෝදනාව හේතුවෙන් ගමේදී මුහුණ දුන් ලැජ්ජාවත් සමඟ ඊට පළිගැනීමක් ලෙස මෙම අපරාධය සිදුකළ බවයි ඔහු පාපොච්ච්රණය කර ඇත්තේ.

අපරාධය සිදුකිරීමෙන් පසුව අදාළ කාන්තාවගේ නිවසේ තිබූ ඉන්දීය රුපියල් 1000ක මුදල් සහ ස්වර්ණාභරණ රැගෙන පළා ගිය බවට ද සැකකරු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?