ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයින් අද වැඩ වර්ජනයක

වෛද්‍ය,විදුලිබල,දුම්රිය,වාරය,තැපල්,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයින් අද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා.

වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ රජයේ නව බදු ප්‍රතිපත්තිය,පොලී අනුපාත ඉහළ දැමීම,විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකිරීම සදහායි.

නමුත් රජය දැනුම් දෙන්නේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙන කිසිදු සේවා ස්ථානයක අද වැඩ වර්ජනයක් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි.

බොහෝ ක්ෂේත්‍ර වලට බලපෑමක් එල්ල කරන ප්‍රවාහන ක්ෂේත්‍රයේ කටයුතු අද සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බව රජය ඊයේ ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

එසේම අද දින දුම්රිය ධාවන පෙර සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

පුද්ගලික බස් රථ බහුතරයක් හිමි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට එක් වන්නේ නැහැ.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අතිරේක බස් රථ ද සමග බස් රථ 13,000ක් 15,000ක ප්‍රමාණයක් අද දිනයේ ධාවනයයට එක් කරන බවයි.

තැපැල ඊයේ අතවශ්‍ය සේවාවක් බවට රජය පත්කළා.බැංකු ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවා ස්ථාන ද සාමාන්‍ය අද පරිදි මහජන සේවා පවත්වාගෙන යන බව රජය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?