ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයින් අද වැඩ වර්ජනයක

වෛද්‍ය,විදුලිබල,දුම්රිය,වාරය,තැපල්,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයින් අද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා.

වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ රජයේ නව බදු ප්‍රතිපත්තිය,පොලී අනුපාත ඉහළ දැමීම,විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකිරීම සදහායි.

නමුත් රජය දැනුම් දෙන්නේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙන කිසිදු සේවා ස්ථානයක අද වැඩ වර්ජනයක් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි.

බොහෝ ක්ෂේත්‍ර වලට බලපෑමක් එල්ල කරන ප්‍රවාහන ක්ෂේත්‍රයේ කටයුතු අද සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බව රජය ඊයේ ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

එසේම අද දින දුම්රිය ධාවන පෙර සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

පුද්ගලික බස් රථ බහුතරයක් හිමි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට එක් වන්නේ නැහැ.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අතිරේක බස් රථ ද සමග බස් රථ 13,000ක් 15,000ක ප්‍රමාණයක් අද දිනයේ ධාවනයයට එක් කරන බවයි.

තැපැල ඊයේ අතවශ්‍ය සේවාවක් බවට රජය පත්කළා.බැංකු ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවා ස්ථාන ද සාමාන්‍ය අද පරිදි මහජන සේවා පවත්වාගෙන යන බව රජය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19