ක්‍රිෂ් නඩුවේ හතරවන විත්තිකරු ලෙස නාමල් රාජපක්ෂ නම්කෙරේ

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවේ සිව්වන විත්තිකරු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා.

ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ ලබන 06 වනදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙම විමර්ශනයට අදාළව ඉකුත්දා අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හඳුනාගෙන තිබෙන බවයි.

ඒ අනුව අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් එම කොමිසමේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ද සටහන් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අදාල නඩුකරයේ විත්තිකරුවෙකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වශයෙන් කටයුතු කළ ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩම මිශ්‍ර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු ක්‍රිෂ් සමාගමට ලබාදීමට අදාළ කටයුතු ඉටු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29