කසුන් රාජිතට ආබාධයක්

නවසීලන්තය සමඟ මේ වනවිට වෙලින්ග්ටන් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතර තුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක් වුණා.

නවසීලන්ත පළමු ඉනිමේ 90 වන පන්දුවාරයේ දී රාජිත මෙලෙස ආබාධයකට ලක් වූ අතර, ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධ තත්ත්වය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වන්නේ නැහැ.

තරගයේ දෙවන දිනය වන අද (18) දිනයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 02ක් දැවී ලකුණු 375ක් ලබාගෙන මේ වනවිට ප්‍රබල ස්ථානයක පසුවනවා.

මේ අතර නවසීලන්ත පිතිකරු කෙන් විලියම්සන් සිය 28 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ද අද දමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
3
හරි හිනා !
4
හම්මෝ !
3
මාර දුකයි !
8
මලපනිනව !
6
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?